දේශීය

ලාහෝර් ප්‍රහාරය ගැන සංගා යළිත් මතකය අවදි කරයි

(UTV | කොළඹ) – 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරය තමන්ගේ වටිනාකම හා චරිතය පිලිබඳ මනා පාඩමක් කියාදුන් බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ MCC කණ්ඩායමේ පකිස්තානු සංචාරය නිමා කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

MCC කණ්ඩායම සතියක පමණ කාලයක් පාකිස්තානයේ තරග සංචාරයක නිරත විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ MCC සභාපතිවරයා පැවසුවේ තවත් ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්තානයේ තරග සංචාරවල නිරත වනු දැකීමට තමා කැමැත්තෙන් පසුවන බවයි.

“අපි පාකිස්තානයේ අපූර්ව තරග සංචාරයක් කළා වගේම ඒ ඔස්සේ අවශ්‍ය වූ පණිඩිඩය ජනතාව සමග පෞද්ගලික සන්නිවේදනය තුළින්, නිල ප්‍රකාශන සහ සම්මුඛ සාකච්ඡා තුළින් ලෝකයට යවා තිබෙනවා. තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයින් ඔවුන්ගේ රටවල්වලට ගියාම ඔවුන් ද මෙහි ගත කරපු සාර්ථක වගේම ආරක්ෂාකාරී කාලය ගැන කතා කරයි. ඒ හැම දෙයක්ම පාකිස්තානයට යළි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ගෙන ඒම සදහා වැදගත්.”

Related posts

ඉන්දියානු සමාගමකට දුන් ව්‍යාපෘතිය ගැන ඇමති බන්දුල වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙන IMF සහනය

Mohamed Dilsad

ඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment