ව්‍යාපාරික

වාහන කාණ්ඩ කිහිපයක් සුඛෝපභෝගී බද්දෙන් ඉවතට

(UTV | කොළඹ) – වාහන කාණ්ඩ කිහිපයක මෝටර් වාහන මත පනවා ඇති සුඛෝපභෝගී බද්ද ඉවත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඊට අදාළ ගැසට් නිවේදනය නිතුත් කර තිබේ.

මේ අනුව පසුගිය වසරේ මාර්තු 6 වන දින සිට ඔක්තෝබර් 31 වනදා දක්වා කාලය තුල විවෘත කරන ලද ණයවර ලිපියක් මත ආනයනය කරන ලද සිලින්ඩර් ධාරිතාව 1800 නොඉක්මවන පෙට්‍රල් මෝටර් වාහන සුඛෝපභෝගී බද්දෙන් තාවකාලිකව ඉවත් කර ඇත.

සිලින්ඩර් ධාරිතාව 2300 නොඉක්මවන ඕනෑම ඩීසල් මෝටර් වාහනයක් හෝ එන්ජිමෙහි බලය කිලෝ වොට් 200 නොඉක්මවන විද්‍යුත් වාහන සඳහාද මෙම සහනය දී තිබේ.

ලබන මැයි 31 වනදිනට පෙර මෙම වාහන ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කර ගත යුතු බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.

Related posts

අප්‍රේල් සිට මැයි දක්වා උද්ධමනයේ අඩුවක්

Mohamed Dilsad

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.

Editor O

Leave a Comment