දේශීයප්‍රමුඛ පුවත 1

ඇමති ජනක බණ්ඩාර නොබලා අත්සන් කල සයින්දමරුදු ගැසට් නිවේදනය

(UTV| කොළඹ)  – සයින්දමරුදු ප්‍රදේශය නව නගර සභාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අත්සන් තබා ඇත්තේ නිසි පරිදි කියවා බැලීමකින් තොරව බව රජය පවසයි.

ඒ පිලිබදව කැබිනට් මණ්ඩලය පවා දැන නොසිටි බව කැබිනට් ප්‍රකාශක බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් අමතමිනි

එම නගර සභාව සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය යහපාලන රජය විසිනි. එවක ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

එම කැබිනට් අනුමැතිය අනුව යමින් ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇති බවත් එය අත්සන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා බවත් ඔහු සඳහන් කළේය.

ඇමතිවරයෙකුට තමන් ලැබූ ළඟට ලැබෙන සියලු ලිපිගොනු කියවා අත්සන් කිරීමට හැකියාවක් නොලැබෙන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Related posts

ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු වැඩසටහන් හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

ශ්‍රී ලංකන් ගුවන් සේවය සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment