දේශීය

පලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම්

(UTV |කොළඹ)  – යාපනය – පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමට සැළසුම් කෙරේ.

ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඇති බවයී.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබාදී ඇති බවයි.

ඒ අනුව එම ආධාර මගින් සැහැල්ලූ ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදනය, අපජලය ප්‍රවාහනය කිරීමේ පද්ධතිය යන අංශ සකස් කිරීමටයි යෝජනා වී තිබේ.

Related posts

අද එන්න තිබූ පෙට්‍රල් නැව දිනයකින් පමා වෙයි

Mohamed Dilsad

දරුවන්ගේ එන්නත් කිරීම් අතපසුු වීම සම්බන්ධයෙන් බිය නොවන්න

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment