දේශීය

කොළඹ විශ්ව විද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත් කරයි

(UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය අවධාරණය කළාය.

මහාචාර්යවරිය මේ පිළිබඳව කියා සිටියේ දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ තොරතුරු ද්වාරය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

“කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළා. ඒ අනුව විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය, මත්පැන් , දුම්කොළ මේ කිසිවක් නොමැති කලාපයක් කළා. පාලක සභාවේ අනුමැතිය එයට ලැබුණා. විශ්වවිද්‍යාලයේ සියලුම කොටස්වලට එය දැනුම්දීලා තිබෙනවා. මත් සටන පරාජය කරන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයට විතරක් බැහැ. ඒ සඳහා අපි සියලුදෙනා එකතුවිය යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උත්සව අවස්ථාවකට, දුම්කොළ සමාගම අන්‍රගහය දක්වමින් ලබාදුන් චෙක් පතක් පවා කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතික්ෂේප කළා. මම ඒ ගැන බොහාම සතුටු වෙනවා.” යැයි ඇය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.

Related posts

වැලිකඩ බන්ධනාගාරය තාවකාලිකව අමුත්තන්ට වැසෙයි

Mohamed Dilsad

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

Mohamed Dilsad

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

Leave a Comment