දේශීය

කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදිකිරීම් ‌‌‌මෙම වසර තුළ

(UTV | කොළඹ) –  කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මෙම වසර තුළදි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු අවසන් වන්නට තිබුණේ 2016 වර්ෂයේදීයි. එහෙත් මේ වනතෙක් එය සිදුකර ගැනීමට නොහැකි වුණා. ශක්තිමත් දේශපාලන නායකත්වයක් නොතිබීම ඊට හේතුවයි. නමුත් අපිට හැකිවී තිබෙනවාමෙම ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළම ආරම්භ කරන්න.

ඒ අනුව මෙම විදුලි බලාගාරය ඉදි කිරීම සදහා මා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ඒ යටතේ මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අපේ ජාතික විදුලි පද්ධතියට ඉදිරි වසර 02 තුළ එක් වෙනවා.

පසුගිය වසර 05 තුළ රටේ සමස්ත විදුලි ඉල්ලුම 27% කින් ඉහළ ගියත් විදුලි නිෂ්පාදනය 2% කින්වත් ඉහළ ගියේ නෑ. එයට හේතුව තමයි මේ විදුලි බලාගාර එකක්වත් ඉදි නොවීම. මේ රට විදුලි බලයෙන් සුපෝෂිත කිරීමට අපි මේ වනවිට සියලු පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ මේ වසර අවසන් වනවිට විදුලි බලිගාර 05ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා” යැයි පැවසීය.

Related posts

පරීක්ෂණ අවසන් වන තුරු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවට ආරක්ෂාව

Mohamed Dilsad

උද්ධමනයට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

පන්දහසේ දීමනාව නිවසටම

Mohamed Dilsad

Leave a Comment