දේශීයප්‍රමුඛ පුවත 1

ගුරු සංගම් කීපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) –  ගුරුවරු සහ විදුහල්පති වෘත්තිය සමිති 30 ක් අද (27) සිට පාසල් කාල සීමාව තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

ඒ අනුව ඔවුන් ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ ලබන මාර්තු මාසයේ දින 05ක වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

සිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30 ක් ඊයේ (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත්කළ අතර , ඒ හේතුවෙන් දිවයිනේ බොහොමයක් පාසල්වල අධ්‍යයන කටයුතු ද අඩාල වී තිබේ.

Related posts

ජාතික ජනබලවේගය මැතිවරණයක් ඉල්ලා අද සිට විරෝධතාවල

Mohamed Dilsad

2025 වනවිට සැමට සෙවන ලබාදීමට කැප වෙනවා [VIDEO]

Mohamed Dilsad

වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

Mohamed Dilsad

Leave a Comment