දේශීය

රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ඊයේ (27) පදික මාරු වීමේදී තණමල්විල-වැල්ලවාය මාර්ගයේ සිරිනන්දපුර හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුල්කොටේ මහා විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 8ක දැරියකි.

ඇය පාසල නිමවී නිවසට යාමට සිරිනන්දනපුර අලි වංගුව අසල පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී ඇල්ල ප්‍රදේශයේ සිට තිස්සමහාරාමයට යමින් තිබූ විදේශික සංචාරකයන් රැගත් සුඛෝපබෝගී බස් රථයක් දැරියගේ ඇඟේ හැපී ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ දැරිය තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

බස් රථයේ රියැදුරු තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (28) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තණමල්විල පොලිස් ස්ථානාධිපති ටී.එම් කරුණාතිලක පවත්වනු ලබයි.

Related posts

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් මෙන්න

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරුවලින් 12 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment