ප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

(UTV | කොළඹ ) – මේවනවිට ලෝකයේ රටවල් 60කට ආසන්න  සංඛ්‍යාවකින්

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් අසාදිතයින් වාර්තා වෙයි.

වෛරසය හේතුවෙන් මේවන විට මියගොස් ඇති සංඛ්‍යාව 2,967කි.

නව කොරෝනා වෛරසය අද (01) වනවිට ලොව රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් ඇත.

සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86000කට ආසන්න බවයි.

වෛරසය ප්‍රථමයෙන්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ(29) දිනයේ නව කොරොනා වෛරස් ආසාදිතයින් 570 දෙනෙකුතහවුරු වී, මරණ 34 ක් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

සුවය ලැබීමෙන් අනතුරුව පුද්ගලයින් 2,292දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

අනුව ඊයේ වන විට සමස්ත චීනයෙන් තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 79,968 ක් වන අතර මියගොස් ඇති සංඛ්‍යාව 2,873 කි.

අසාදිතයෙකු  වාර්තා වූ නවතම රටවල් බවට මැදපෙරදිග කලාපයේ කටාර්, ලක්සම්බර්ග් සහ ඉක්වදෝරය පත්වුණි.

චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ දකුණු කොරියාවෙන් අද වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,150 කි.

වාර්තා වූ මරණ සංඛ්‍යාව 17කි

Related posts

අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට විශේෂ පාර්ලිමේන්තු සැසියක්

Mohamed Dilsad

බුස්ස සිද්ධියට අත්අඩංගුවට ගත් අයි.පී රිමාන්ඩ්.

Mohamed Dilsad

දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්

Mohamed Dilsad

Leave a Comment