දේශීය

රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට

(UTV |මාතර) – අද අලුයම මාතර, දික්වැල්ල මාර්ගයේ ගොඩඋඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැව්රුකන්නල ප්‍රදේශයේ පදිංචි මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

ඔහු යතුරුපැදියෙන් යමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු බතීගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

Related posts

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

නව වැඩබලන අගවිනිසුරුවරයකු පත් කෙරේ

Mohamed Dilsad

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පොළි අනුපාතය පහතට

Mohamed Dilsad

Leave a Comment