දේශීය

විගණන පරීක්ෂකවරුන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – දිවයින පුරා සිටින සියලුම විගණන පරීක්ෂකවරුන් අද (02) සිට විගණන රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ රාජ්‍ය විගණන සේවය ස්ථාපිත නොකිරීම සහ විගණන සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක්ම මුල් කරගනිමින්.

ශ්‍රී ලංකා විගණන පරීක්ෂකවරුන්ගේ සංගමය අද දහවල් 12ට පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

2019 අංක 19 දරන ජාතික විගණන පනත 2018 අගෝස්තු 1 දින සිට මාස 3ක් ඇතුළත රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කර විගණන සේවයේ සහ විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන් ඊට අන්තර්ග්‍රහණය නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා විගණන පනත උල්ලංඝනය වී ඇති බවට එම සංගමය චෝදනා කර සිටියි.

Related posts

තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

Editor O

සරසවිවලට ඇතුළත් කරගන්නා සිසුන් 12,000 කින් වැඩි කරයි

Mohamed Dilsad

ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment