දේශීය

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

(UTV |කොළඹ ) – හෙරොයින් කිලෝග්‍රෑම් 330ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් සොයාගෙන තිබේ.

ඒ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අන්තර් ජාතික මුහුදේ සැකකටයුතු යාත්‍රා දෙකක් පරික්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි.

පසුගිය සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 75ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 66කට ආසන්න ප්‍රමාණයක් සහ

ධීවර යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙයවේ.

Related posts

09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

Mohamed Dilsad

පොලිස් බුද්ධි සේවයට බදවා ගැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

ගෝඨාභය ලබන 24 වැනි දා ලංකාවට

Mohamed Dilsad

Leave a Comment