දේශීය

පවතින වියළි කාලගුණය නිසා පිළිපැදිය යුතු දේවල්

(UTV |කොළඹ ) –  පවතින අධික වියළි කාලගුණයත් සමඟ අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම තත්ත්වය නිසා වැඩි අවදානමට ලක්වන පිරිස ලෙස කුඩා ළමුන්, වැඩිහිටි අය, දිගුකාලීනව හෘද රෝග, නොයෙකුත් නිදන්ගත රෝග වැනි රෝගාබාධවලින් පෙළෙන අය සහ එළිමහනේ රැකියාවල නියැලෙන අය හඳුනා ගෙන තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝගවල උත්සන්න විමක් ඇති වීමට ඉඩකඩ ඇත.

මෙම අධික උෂ්ණත්වය නිසා විශේෂයෙන්ම ආතතිය (Heat Stress), මස් පිඩු පෙරලීම (Heat Cramps), සිහි මූර්ජාව (Heat Stroke), ඇතිවීමට ඉඩකඩ ඇත.

මෙවැනි අවස්ථාවලදී සියලු ක්‍රියාකාරකම්වලින් වැළකී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, මස් පිඩු පෙරලෙන ස්ථාන මත සිහින් පීඩනයක් යෙදීම, අධික දහඩිය දැමීම, ශරීර අප්‍රාණික බව, පිපාසය හෝ ක්ලාන්තය වැනි තත්ත්වයක් ඇතිවේ නම් ඇඳුම් බුරුල් කර පවන් සැලීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනය මෙසේයි.

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment