දේශීය

මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්

(UTV |කොළඹ) – ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහ මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම, නාමයෝජනා භාර ගන්නා ස්ථාන සහ තමන්ට ජන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති තැනැත්තන්ට වෙනත් ජන්ද පොළකදී ජන්දය දීම සඳහා පහසුකම් සැලසීමට අදාලවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් මන්ත්‍රීවරු 19 දෙනෙකු තෝරා ගැනීමට නාමයෝජනා පත්‍රයේ අපේක්ෂකයන් 22 දෙදෙනෙකුගේ නම් ඇතුළත් කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික්කයට අපේක්ෂකයින් 21 දෙනෙකුගේත්, කළුතර දිස්ත්‍රික්කයට අපේක්ෂකයින් 13 දෙනෙකුගේත්, මහනුවර දිස්ත්‍රික්කයට අපේක්ෂකයින් 15 දෙනෙකුගේ නම් ඇතුළත් කළ යුතු අතර මාතලේ, පොළොන්නරුව සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 8 දෙනෙකුගෙන් සමන්විත නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ.

නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 11 දෙනෙකු බැගින්ද, ගාල්ල, බදුල්ල, කෑගල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු බැගින් ද ඉදිරිපත් කළ යුතුවේ.

මෙලෙසම මාතර, හම්බන්තොට, යාපනය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු බැගින්ද ,වන්නි සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 9 දෙනෙකු බැගින් ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු ද නාමයෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු අතර කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් කළ යුතු අතර රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මේ අතර මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් එක් අයෙකුට රුපියල් 2000 බැගින් ඇප මුදල්තැන්පත් කළ යුතු වේ.

එමෙන්ම මෙවර මැතිවරණයේදී වෙනත් ජන්දපොළකදී ජන්දය ලබා දීමට අවශ්‍ය පුද්ගලයන්ට ඒ සඳහා ඉල්ලූම් කිරීමට අවස්ථාව පවතින අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලින් සහ ග්‍රාම නිලධාරි කාර්යාලවලින් එම ඉල්ලූම්පත් ලබාගත හැකිවේ.

එය දින 7 ක් ඇතුළත සම්පූර්ණ කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය.

Related posts

ජනපතිගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ප්‍රමාණවත් පරිදි තෙල් ලැබුණහොත් විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment