ව්‍යාපාරික

ආනයනික මසුන් මත අය කෙරෙන බද්ද ඉහළට

(UTV | කොළඹ) – ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙසයි.

මුදල් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත්තේ ධීවරයන් විසින් ධීවර අමාත්‍යාංශයට කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.

ඒ අනුව බදු සහන මත ආනයනික මසුන් කිලෝ ග්‍රෑම් එකක් සඳහා 10 % ක් හෝ රු. 100/- ක බදු සහනයක් දී එයින් අය කරනු ලැබුවේ රු. 25/- ක් පමණි.

තවද එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (03) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික මසුන්ගේ වටිනාකමින් 10% ක් හෝ කිලෝ ග්‍රෑම් එකකට රු. 150/- ක් අය කෙරෙනු ඇත.

Related posts

රෙදිපිළි ඇඟළුම් අපනයන ආදායම ඉන්දන ආනයනයට වැය වෙයි.

Editor O

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment