ව්‍යාපාරික

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11 වැනිදායින් ඇරඹේ

(UTV | කොළඹ) –  INNOTECH 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය මෙම මස 11-14 දක්වා පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර , මෙහි සමාරම්භය සිද්ධ වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෝමාගම පිටිපන අක්කර තුන්සීයක විශාල භූමියක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාර්ගෝපදේශකත්වයයෙන් පැවැත්වෙන මෙම ජාතික ප්‍රදර්ශනය සඳහා විශ්වවිද්‍යාල දහසයක්, පාසල් එකසිය තිහක්, තාක්ෂණ ආයතන දහසයක් එක්ව සිටියි.

Related posts

වාහන ආනයනය තහනම ඉවත් කරයි.

Editor O

ජාත්‍යන්තර බැඳුම්කර හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ණයක්

Mohamed Dilsad

තිරිඟු පිටි ගෙන්වීමත් සීමාවෙයි

Mohamed Dilsad

Leave a Comment