දේශීය

අද සිට දුම්රියේ වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාවට

(UTV | කොළඹ) – අද (04) සිට දුම්රිය ගමන අතරතුර වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර අංක සඳහන් ප්‍රවේශපත්‍ර දරන්නෙකුට පමණක් මෙලෙස දෙපාර්තමේන්තු විධිවිධාන අනුව වෙන් කළ ආසනයක ගමන් කළ හැකිය.

එම නිසා තම ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ප්‍රවේශපත්‍රයේ නිවැරදිව සටහන්ව තිබේදැයි පරීක්ෂා කිරීම වැදගත් වන අතර වයස අවුරුදු 18 ට අඩු හැඳුනුම්පත් නොමැති ළමයින් සඳහා දෙමාපියන්ගේ අනන්‍යතා පත්‍රය පිළිගනු ලබයි.

ඒ හේතුවෙන් අද සිට අදාළ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අතර, එහිදී අනන්‍යතාවද සංසන්දනය කිරීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි වෙනස්කම් පැවතුණහොත් සිදුවන අපහසුතා පිළිබඳව වග නොකියන බවය දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

“ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා සහ අභියෝග” පිළිබඳ අන්තර්ජාල සාකච්ඡාව

Mohamed Dilsad

අපේ ඉලක්කය ජනවාරි මාසයේ IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම – මහ බැංකු අධිපති

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 52 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment