දේශීය

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ දිවයිනට

(UTV | කොළඹ) – බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’(SHADHINOTA) නෞකාව ඊයේ ( 03) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

ඒ අනුව, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මුස්ටෆා සිලූර් රහීම් කාන් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක ද නිරත විය.

මෙම මස 05 වන දින දක්වා මෙම නෞකාව දිවයිනෙහි රැදී සිටීමට නියමිතය.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ඇතුළු තිදෙනෙකුට එරෙහි වාරණ නියෝග ඔක්තෝබර් 09 දක්වා දීර්ඝ කෙරේ

Editor O

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

Editor O

රජගලතැන්න අනතුරේ

Mohamed Dilsad

Leave a Comment