විදෙස්

ඇමරිකාවේ බලපෑ ටොනාඩෝවෙන් 25 ක් මරුට

(UTV | කොළඹ) – ඇමරිකාවේ බලපෑ ටොනාඩෝ තත්ත්වයෙන් පුද්ගලයින් 25 දෙනෙක් මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට ටෙනසි ප්‍රාන්තයට ඊයේ (03) රාත්‍රියේ විනාඩි කිහිපයක් තුළ ටොනාඩෝ දෙකක බලපෑම් එල්ල වූ බවයි.

මේ හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි සහ නිවාස රැසකට අලාභ හානි සිදුවී තිබේ.

සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා එරට බලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයන් ගණන තවදුරටත් ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විපතට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති බවයි.

Related posts

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයි

Mohamed Dilsad

මැන් – හැට්න් ප්‍රහාරයට සම්බන්ධ සැකකරු බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බව හෙලි වෙයි

Mohamed Dilsad

මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

Leave a Comment