දේශීය

අජිත් ප්‍රසන්නගේ නඩුව දිනපතා විභාග කිරීමට නියෝග

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව පවරා ඇති නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව මහාධිකරණය විසින් ඔහුව ඇප මත මුදාහරිනු ලැබුවේය.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නැහැ – නීතිපති

Editor O

විද්‍යුත් බස් ධාවනය ළඟදීම

Mohamed Dilsad

කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්

Mohamed Dilsad

Leave a Comment