දේශීය

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් අද කොළඹට

එළඹෙන මහ මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් අද (05) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

මෙම සාකච්ඡාව අද පෙරවරු 9.00 ට පැවැත්වෙන අතර එහිදී මැතිවරණ නීතිය පවත්වාගෙන යාම, නාමයෝජනා කැඳවීම ඇතුලූ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහල නැංවීම ඇතුලු කරුණු කිහිපයක් පිළිබද මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි.

ඒ දෙලක්ෂ හැත්තෑ දහසකට අධික නව ඡන්ද දායකයන් පිරිසක් මෙවර ලියාපදිංචි වී සිටීම ඊට හේතුවයි.

Related posts

ඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

ඩලස්ගේ සහය සජිත්ට

Editor O

සජිත්ට නව සන්ධානයේ නායකත්වය ඇතුළු බලතල රැසක්

Mohamed Dilsad

Leave a Comment