දේශීය

උමා ඔය වගා හානි වූ ගොවීන්ගේ වාර්තාවක් දෙන ලෙස නීතිපතිට නියෝග

(UTV | කොළඹ) –  උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

ප්‍රියන්ත ජයවර්ධන , පී පද්මන් සූරසේන හා යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය ලබාදුන්හ.

රජයෙන් තක්සේරු කර ඇති වන්දි මුදල් ප්‍රමාණය හා ගොවීන්ට හිමිවූ වන්දි මුදල් අතර පරස්පරතාවයක් ඇති බවට චෝදනා කරමින් ගොණු කර ඇති නඩුවකට අදාලව මෙම නියෝගය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ගොවීන්ට දැනට ගෙවා තිබෙන වන්දි හා ගෙවීමට නියමිතව තිබෙන වන්දි මුදල් පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ජූලි මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

Related posts

රංජන් රාමනායක ජනාධිපතිවරයාට බාර දුන් ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම ගැන සොයා බලන්න – රවී කුමුදේශ්

Editor O

තැපැල්, දුම්රිය, සෞඛ්‍ය, සරසවි වර්ජන රැල්ලක් ළඟ… ළඟ ම….

Editor O

රන්ජන් – රාජිත ඇතුළු පසුගිය රජයේ සිටි 7කට සිතාසි

Mohamed Dilsad

Leave a Comment