දේශීය

සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අදත් රැස්වෙයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අද (06) දිනයේත් රැස්වීමට නියමිතව ඇත.

මෙහිදී ලාංඡනය සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳා ගන්නා බව එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

සමගි ජන බලවේගය සමග සියලු පක්ෂවලට සහ සංවිධානවලට ආරාධනා කර සිටින බව ද ඒ මහතා පැවසීය.

එමෙන්ම , එක්සත් ජාතික පක්ෂය ද අපත් සමග සියලු කාරණා වලට එකඟ වූ බව ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 46,000 ඉක්මවයි

Mohamed Dilsad

ATA පෙත්සම් විභාගය අත්හිටවෙයි

Mohamed Dilsad

මාතලේ පුරපතිගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment