දේශීයප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 වැනිදා අන්තර්ජාලයට

(UTV | කොළඹ) –  රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර අත.

ඒ අනුව සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරෙනු ඇති අතර , ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

පත්වීම ලැබී දින 3 ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයැයි, පත්වීම් ලිපියේ සඳහන් වුව ද දැනට පත්වීම් ලිපි නොලැබූ පිරිස් ඒ ගැන සැකයක් ඇතිකරගත යුතු නැති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ පිරිස 45,585 කි.

දැනට පත්වීම් ලිපි ලැබූ පිරිස ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතු අතර ඔවුන්ගේ පැමිණීම ප්‍රාදේශීය ලේකම්වරයා සටහන් කරගනු ඇති.

“ලිපිය ලැබී දින 07 ක් ඇතුළත පුහුණුවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සලකනු ලැබේ” යනුවෙන් සඳහන් වුව ද එය ද බලාත්මක නොවන ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමා වී දින 5 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කෙරෙනු ඇත.

 

Related posts

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

Mohamed Dilsad

අභ්‍යන්තර කටයුතුවලට අත පොවන රටවලින් ජනපති කළ ඉල්ලීම

Mohamed Dilsad

ජනාධිපතිවරණයට කඩදාසි ඡන්ද පෙට්ටි

Mohamed Dilsad

Leave a Comment