දේශීය

කැළණිය විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා අද සිට යළිත් ඇරඹේ

(UTV | කොළඹ) –  කැළණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන සති අන්ත පාඨමාලා අද (07) සිට යළි අරඹන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලු විභාග අද සිට සුපුරුදු පරිදි පැවැත්වෙන බව එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේය.

සී සී ටී වී කැමරා ගැලවීමේ සිද්ධියෙන් පසු හටගත් තත්ත්වය හමුවේ විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රයේ අධ්‍යයන සහ අනධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය.

Related posts

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

Mohamed Dilsad

රාජිත කොළඹ මහාධිකරණයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර වි⁣ශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment