දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

(UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 7000 කට ආසන්න වන බවත් නිලධාරින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් රාජකාරි කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කටයුතු සඳහා ආරක්ෂාව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන පොලිස් නිලධාරින්ද, ඊට ඇතුළත්.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස් නිලධාරින් 50,000 කට ආසන්න පිරිසක් මහ මැතිවරණය පැවැත්වෙන දින කිහිපයේ ආරක්ෂාව සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඡන්ද මධ්‍යස්ථාන 12,000ක් පමණ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සූදානම් කිරීමට බලාපොරොත්තු වන අතර, අවම වශයෙන් එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් දෙදෙනෙකු බැගින් යොමු කිරීමට නියමිතයි

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා යොදා ගැනීමට පියවර ගන්නා අතර, අවශ්‍ය වුවහොත් යුද හමුදාවේ ද සහය ලබා ගැනීමට සූදානමින් පසුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ද එළඹෙන 12 වැනිදා සිට 19 වැනිදා දක්වා සිදුකිරිමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කර ඇත්තේ.

Related posts

නාවික හමුදා සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයන් 1031 ක් නිරෝධායනයට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් 139ක් හඳුනාගැනේ.

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

Leave a Comment