දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කරයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරයාම සැලකිල්ලට ගනිමින් එය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්හ.

චීනය සහ ඉතාලිය හැරුණු කොට කොරෝනා වෛරස් මරණ වැඩිම සංඛ්‍යාවක් එනම් 237ක් වාර්තා වන්නේ ඉරානයෙන්.

වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට ඉරානය එරට බන්ධනාගාරවල සිටින සිරකරුවන් 70,000 ක් පමණ මුදා හැර තිබේ.

ඉරාන අධිකරණ ප්‍රධානී ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කළේ සමාජයේ අනාරක්ෂිතභාවයක් නිර්මාණය නොවන ආකාරයෙන් ඔවුන් නිදහස් කළ බවයි.

ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ද 7161 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 3892ක් වාර්තා වන අතර, ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ එක්ලක්ෂ 11,228ක් ලෙසයි.

Related posts

විපක්ෂනායකගේ අවුරුදු සුබ පැතුම

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීම ගැන තීන්දුව දීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment