දේශීය

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) –  තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.

රවී කරුණානායකව අත්අඩංගුවට ගැනීමට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් ඔහුගේ නිවස පවා සෝදිසියට ලක්කළ අතර , වරෙන්තු නිකුත් කර මේ වන විට දින තුනක් ඉක්මවා ගියද ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

Related posts

වේයන්ගොඩ නිධානය සොයා තෙවෙනි දිනටත් කැණීම්

Editor O

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment