දේශීය

හෙද පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට

(UTV | කොළඹ) – සිසු හෙඳ පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් (Online) ක්‍රමය යටතේ බඳවා ගන්නා බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ අයදුම්පත් සම්පූර්ණ කළ හැකි අතර 2020.03.03 දින සිට ලබා ගත හැක.

මෙහි අවසන් දිනය 2020.03.31 වන අතර අයදුම්පත සම්පූර්ණ කිරීමේ දී යම් ගැටලුවක් ඇත්නම්, සතියේ වැඩ කරන දිනයන්හි පෙරවරු 08.30 සිට පස්වරු 04.15 අතර කාලය තුළ දුරකතන අංක 0112 693 955 ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාරණ හා සම්බන්ධීකරණ ඒකකය ඇමතීමෙන් සහාය ලබා ගත හැක.

2019 වර්ෂයට අදාළ සිසු හෙඳ පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනිම පිණිස වන අංක 2165 දරණ රජයේ ගැසට් පත්‍රය 2020 .02.28 දින ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

මාරක අනතුරු කිහිපයක් – 4ක් මරුට

Mohamed Dilsad

අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට

Mohamed Dilsad

රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment