දේශීය

නිරෝධායනය සඳහා යන පිරිසට නොමිලයේ ආහාර පාන ලබාදීමට උපදෙස්

(UTV | කොළඹ) –  විදෙස් රටවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමටත් කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි 181 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී තිබේ.

එලෙස ආහාර සඳහා මුදල් අය කරගැනීම සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමික පිරිසෙන් අද පෙරවරුවේ දැඩි විරෝධයක් එල්ල විය.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

ෆේස්බුක් එකේ රට හදන්න කතා කරන අයට වනවාසී රාහුල හිමි කියූ කතාව

Mohamed Dilsad

වර්ජනයේ නිරත ගුරුවරුන් තවත් පියවරක් ගන්නා බව කියයි

Mohamed Dilsad

Leave a Comment