දේශීය

මිල සූත්‍රය ක්‍රියාත්මක වූවානම් ඉන්ධන මිල රුපියල් 20 කින් අඩුවන බව හිටපු ඇමති මංගල කියයි

(UTV | කොළඹ) –  පසුගිය ආණ්ඩුව සමයේ පැවති ඉන්ධන මිල සූත්‍රය මේවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිල අවම වශයෙන් රුපියල් 20 කින් අඩුකර ඒ හරහා බස් ගාස්තු හා ත්‍රී වීල් ගාස්තු ද අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාවක් තිබුණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තෙල් මිල සූත්‍රය හඳුන්වාදෙමින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පොරොන්දු වී තිබිණි.

ඒ අනුව සින්ගප්පූරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සූත්‍රය අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලද අතර එය 2019 සැප්තැම්බර් මස ට සාපේක්ෂව 2020 මාර්තු වන විට තිබිය යුතු තෙල් මිල.

2020 මාර්තු 07 වනදා වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත.

මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කිරීමට අවස්ථාව තිබේ.

මෙමගින් බස් ගාස්තු සහ ත්‍රී වීල් ගාස්තු ද අඩු කර ජීවන වියදම් අඩු කර එලවලු සහ සහල් ඇතුළු අත්‍යාවශ්ය භාණ්ඩ මිල වැඩිවීම නිසා ජීවන බරින් මිරිකී සිටින ජනතාවට සහන ලබාදීමට හැකිව තිබුණු බවත් මංගල සමරවීර මහතා කියා සිටියි.

මේ රජය ජනතාවට සහන ලබාදීමට කිසිඳු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්ධන මිල සහනය ජනතාවට ලබා නොදිමෙන්ම පැහැදිලිවන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Related posts

අද දවසේ කාළගුණය [RELEASE]

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය

Mohamed Dilsad

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment