(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.24 ක දැවැන්ත කඩා වැටීමක් අද (10) වාර්තා කළේය.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,121.91 ක් වාර්තා වූයේ පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 4.14% ක පහළ යාමක් වාර්තා කරමිනි.