දේශීය

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛණය අන්තර්ජාලයට

(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාලය විසින් රැකියා විරහිත උපාධිධාරීන් නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ අයවලුන්ගේ ලේඛණය මාර්තු මස 11වැනිදා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කරන බව මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටී.

පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු යැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද ලිපි නොලැබූ අය ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් ඇති කරගත යුතු නැති බවද ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නා ලෙසද අදාළ නිවේදනයේ සඳහන් වේ.

ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සළකනු ලැබේ යනුවෙන් සඳහන් වුවද පවතින තත්වය යටතේ එය බලාත්මක නොවන බව මෙම නිවේදනයේ සඳහන් වේ.

මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමා වී දින 05 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභ හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දෙනු ඇත.

Related posts

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත් හැකි නව මෘදුකාංගයක්

Mohamed Dilsad

Leave a Comment