ව්‍යාපාරික

වාහන රැසක මිල ගණන් ඉහළ යයි

(UTV | කොළඹ) – ජපාන යෙන් මුදල් අගය වැඩිවීම හමුවේ වාහන රැසක මිල ගණන් වැඩි වී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව විට්ස් මාදිලිය රුපියල් 2 ලක්ෂ 40 දහසකින් , ඇක්සියෝ රුපියල් 3 ලක්ෂ 75 දහසකින් , ප්‍රිමියෝ ලක්ෂ 4 කින් පමණ ඉහළ යනු ඇති බවත් වැගන් ආර් මාදිලියේ මෝටර් රථයක් රුපියල් එක් ලක්ෂ 70 දහසකින් පමණ වැඩි විය හැකි බවත් එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා කියා සිටියේය.

කෙසේවෙතත් දැනට වෙළඳපොලේ පවතින රථවාහන පවතින මිළටම අලෙවි කෙරෙන අතර අලුතින් ඇණවුම් කරන වාහන සඳහා මෙම මිළ ඉහළ යාම අදාළ වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ධ අද සිට ඉවතට

Mohamed Dilsad

රුපියල තවත් පහළට

Mohamed Dilsad

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගැන ඇමති මංගලගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment