දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

(UTV | කොළඹ) – අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් කොළඹ – ඩාලි පාරේ පිහිටි සිය පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබේ.

මෙම සාකච්ඡාවේදී මහ මැතිවරණය සම්බන්ධයෙන් අවදානය යොමු කෙරෙනු ඇති අතර පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

එමෙන්ම හෙට (12) දිනයේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවද රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේය.

Related posts

වාහන මිලට ගැනීම අධෛර්යමත් කිරීමට මහ බැංකුවෙන් නව කොන්දේසි..

Editor O

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

Editor O

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment