දේශීය

නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක්

(UTV | කොළඹ) – විශේෂ පොලිස් ආරක්ෂාවක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ ලබා දීමට කටයුතු කර තිබේ.

අද(12) සිට එළඹෙන 2020.03.19 වන දින දහවල් 12 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා සිදු කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් එම නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට , රථ වාහන පාලනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන පොලිස්පති වරයා විසින් කොට්ඨාස බාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

Related posts

බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා රජය එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කළ යුතුයි – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට දෙන්න ආණ්ඩුවේ සූදානමක් ….?

Editor O

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

Mohamed Dilsad

Leave a Comment