(UTV | කොළඹ) – කොරෝනා පරීක්‍ෂාව සිදුකර ගැනීමට ඇතැම් පෞද්ගලික රෝහල් අයකර ගන්නා මුදල හය ගුණයකින් පමණ ඉහළ දමා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.
ඊයේ(11) දිනය වන විට කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් කොරෝනා පරීක්ෂාවට රුපියල් 17000ක මුදලක් අය කිරීමට පටන් ගෙන ඇත.
නමුත් ඒ සඳහා වැයවන්නේ රුපියල් 3000ක් පමණ මුදලකි.
කෙසේ වෙතත් මෙම කොරෝනා පරීක්ෂාව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය විසින් නොමිලේ සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.