දේශීය

දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට ජනපතිගේ අවධානය යොමුවෙයි

(UTV | කොළඹ) –  දුම්රිය සේවාවේ අඩුපාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

දුම්රිය ප්‍රමාදය පිටු දැකීම, මැදිරි පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු අවශ්‍යතා සපුරාලමින් සේවාව විධිමත් කිරීමට අවශ්‍ය සැලසුම් සහ තීරණ ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

දුම්රිය සේවාවේ වර්ධනයට අවශ්‍ය පියවර සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා විසින් මේ උපදෙස් ලබාදී ඇත.

දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන මගී සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ පන්දහසක් පමණ වේ. මේ පිරිසට මෙන්ම තවත් වැඩි සංඛ්‍යාවකට දුම්රිය සේවාව ලබාදීමෙන් මාර්ග තදබදයට ප්‍රමාණවත් විසඳුමක් දිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කාර්යාලීය වේලාවෙන් බැහැර අවස්ථාවලදී භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා දුම්රිය මාර්ගය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එය ජාතික ආර්ථිකයට ද ඉතා වැදගත් වනු ඇති බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

විදෙස් සංචාරකයන් ඉලක්ක කොට දුම්රිය සේවාව ආකර්ශණීය නවීකරණය කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කොට තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.අටිගල, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Related posts

ගෑස් මිල වෙනස් වෙයි

Mohamed Dilsad

දොස්තරගේ ඝාතකයා ට මරණ දඬුවම

Mohamed Dilsad

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

Leave a Comment