දේශීය

දිවයිනේ සියලු පෙර පාසල්වලටත් නිවාඩු [UPDATE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් අද (13) සිට දිවයිනේ සියළුම පෙර පාසල් වසා තැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

විෂය භාර ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සියළුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කර ඇති අතර, පෙර පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව එහි සඳහන්ව ඇත.


(UTV | කොළඹ) –  රාජ්‍ය පාසල් නිවාඩුව අනුව බස්නාහිර පළාතේ සියලු පෙරපාසල් ද අප්‍රේල් මස 04 වනදා දක්වා නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

කොරා්නා වෛරස් අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Related posts

මාරවිල පොලිස් වසමේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

Mohamed Dilsad

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ “කුඩු සඳා” අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment