ගොසිප්

ශ්‍රී ලනිපයෙන් තනිව තරග කරන අය රාජපක්ෂවරුන් ගැන කියූ දේ [LETTER]

(UTV |කොළඹ )ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මහ මැතිවරණයට තරඟ කල යුතු  බවට එම පක්ෂයේ පිරිසක් අවධාරණය කරයි.

ඊයේ  (13) නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී  ඔවුන් මේ බව සඳහන් කර සිටියේය.

මෙහිදී ගාමිණි තිලකසිරි මහතා , ජීවන් කුමාරණතුංග මහතාට අපේක්ෂකත්වය නොලැබුණූහොත් ඔහු සජිත් ප්‍රේමදාස සමඟ මැතිවරණයට තරඟ කිරීමට ගත් තීන්දුව සාධාරණ බව ද එහිදී සඳහන් කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග නොකරන්නේ නම් රාජපක්ෂවරුන්ට විරුද්ධව තමන්ද තීන්දුවක් ගන්නා බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

වෙනම තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අත්සන් තබන ලද ලිපියක් ඉදිරිපත් කළේය.

මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට කඩේයෑම වහාම නැවැත්විය යුතු බව බස්නාහිර හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා එහිදී  පැවසීය.

රාජපක්ෂවරුන් හැමදාම කළේ තමන්ගේ පවුලේ අය ලොකු කරගෙන හොරකම් කිරීම බවද ඔහු කියා සිටියේය.

Related posts

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

‘ද නිව්ස් පේපර්’ නරඹන්න ගිය ජනපති හා අගමැති [PHOTOS]

Mohamed Dilsad

පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී

Mohamed Dilsad

Leave a Comment