දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

(UTV| කොළඹ) – ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.

බ්‍රිතාන්‍ය, බෙල්ජියම, නෝර්වේ, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව මෙම රටවල් 14 ට අයත් වෙයි.

ඒ අනුව අද සිට ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඉටුකරනු ලබන කන්සියුලර් සේවාවන්, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැළකෙන හදිසි සේවාවන් සීමා කරනු ඇත.

Related posts

මීගහතැන්නේ යතුරුපැදි අනතුරකින් යුවලක් මිය යති

Mohamed Dilsad

පාසල් අධ්‍යාපනය සඳහා වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

Editor O

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment