ගොසිප්

බන්ධනාගාර රැදවියන් අතරත් කොරෝනා භියක්

(UTV |අනුරාධපුරය ) – අනුරාධපුරය සහ මීගමුව බන්ධනාගාරවල රැදවියන් දෙනෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැක මතුව තිබේ.

එම අනුරාධපුරයේ රැදවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලටද ඊයේ(15) දිනයේ බාධා එල්ලවී ඇත.

මෙම රැදවියා ගල්කිරියාගම, දේවහුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු රථවාහන නඩුවක් සම්බන්ධයෙන් කැකිරාව අධිකරණය මගින් රුපියල් විසිපන් දහසක දඩයකට යටත්ව එය නොගෙවිමේ හේතුවෙන් බන්ධනාගාරගත කර තිබේ.

මෙම පුද්ගලයා දිර්ඝකාලයක් අසර්බයිජාන් රටේ සේවය කොට ඩුබායි රාජ්‍ය හරහා පසුගිය මාසයේ 17 වැනි දින දිවයිනට පැමිණි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා රෝහල් ගතකිරිමෙන් පසුව එම රෝගයට බියෙන් 215කට ආසන්න බන්ධනාගාර නිලධාරින්ගෙන් 150කට ආසන්න පිරිසක්ම සේවයට වාර්තා නොකළ බව වාර්තාවේ .

කෙසේවෙතත් කොරෝනා වෛරස් අවදානම හමුවේ අධිකරණය මගින් ඇප ලැබුණද බන්ධනාගාරගතව සිටින අය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධිකරණ මගින් ඇප නියම වුවත් දඩ මුදල් ගෙවීමට නොහැකි වූ රැඳවුවන් විශාල පිරිසක් මේ වනවිට බන්ධනාගාරයේ සිටී.

මේ නිසා බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතින බව වාර්තා වේ.

 

Related posts

එන්නත ලබා ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ

Mohamed Dilsad

සජිත් – විමල් – ටිරාන්ගේ නිවසේදී රහස් හමුවක

Mohamed Dilsad

ගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති වුනේ මමයි – සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment