ප්‍රමුඛ පුවත 1විදෙස්

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

(UTV| කොළඹ) – නව කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 6,515 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර , රටවල් 157 කින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 69,415 ක්.

චීනයට පසුව වැඩිම බලපෑමක් සිදුව ඇති ඉතාලියේ එක් දිනක් තුළ මරණ 368 ක් වාර්තාවී ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 1,809 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ස්පාඤ්ඤයේ ද නව මරණ 97ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 292ක් බවට පත්ව ඇත.

ප්‍රංශයේද දිනක් තුළ නව මරණ 26ක් වාර්තාවීමත් සමඟ මුළු මරණ සංඛ්‍යාව 127 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ලක්සම්බර්ග් සහ ඔස්ට්‍රියාව සමඟ පවතින තම දේශසීමා අද සිට වසා දැමීමට ජර්මනිය පියවර ගෙන ඇත.

රුමේනියාව ද එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර චෙක් ජනරජය ද සිය දේශසීමා වසා දමා රට පුරා නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා දායකත්වයෙන් හදිසි අරමුදලක් ඇති කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ යෝජනා කළේය.

එම අරමුදල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආරම්භක මුදලක් ලබාදීමට සූදානම් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දකුණු ආසියානු රටවල නායකයන් සමඟ ඊයේ පැවැත්වූ ඒකාබද්ධ වීඩියෝ සංවාදයේදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර සෞදි අරාබිය සිය රට තුළ අත්‍යවශ්‍ය ආහාර අලෙවිසැල් සහ ඖෂධ අලෙවිසැල් හැර සියලුම වෙළඳසැල් වසා දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ආම් ආද්මි පක්ෂය තුන්වන වතාවටත් ජය ගනී

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment