ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳපොළ අද වැසෙයි

(UTV | කොළඹ) – රජය විසින් අද (17) දිනයේ සිට දින තුනක කාලයක් විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ 2020 මාර්තු 17 දින කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ බව දැනුම් දෙමින් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශී වීම් අවම කිරීම හා වෙළෙඳපොළ සහභාගකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

Related posts

ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක්

Mohamed Dilsad

එළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළට

Editor O

Leave a Comment