දේශීය

කොරෝනා වැළකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ මුලසුනට හමුදාපති පත් කෙරේ

(UTV |කොළඹ) – කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් පත් කල ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.

මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාවන්හි ප්‍රධානීන්ගෙන් මෙම කාර්ය සාධක බළකාය සමන්විත වේ.

මෙම කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස්වෙන අතර ඊට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.

Related posts

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි

Mohamed Dilsad

සති අන්තයේ දුම්රිය ධාවනය[RELEASE]

Mohamed Dilsad

ඩ්‍රෝන මෙහෙයුම් වලින් 117ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment