දේශීය

රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතියි.

රුධිර පරිත්‍යාගශීලීන් වේ නම් අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස්වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය ඇමතිය හැක.

එම දුරකථන අංකය වන්නේ – 0115332153

රුධිර පරිත්‍යාගශීලීන් වන ඔබ පහත කාණ්ඩවලට අයත් වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වලකින්න.

– ඔබට පසුගිය මාසයක කාලයක් ඇතුලත උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා පැවතියේ නම්, පවතී නම් ,

– පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු, ඔබේ නිවසේ සිටී නම් හෝ ඔහු/ ඇය සමඟ ඔබ සමීප සම්බන්ධතාවක් පැවැත්වූයේ නම්,

– ඔබේ නිවසේ , පවුලේ වර්තමානයේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහිත සාමාජිකයකු සිටී නම්,

-ඔබ පසුගිය මාස තුන ඇතුලත විදේශ ගත වී සිටියේ නම්.

Related posts

ජනපති අත්සන යොදා ව්‍යාජ ලිපි සකස් කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති මාරු කර, සාමාන්‍ය රාජකාරි සඳහා යොදවයි

Editor O

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය ලබා දීමේ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment