දේශීයප්‍රමුඛ පුවත 1

අද සිට අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ

(UTV | කොළඹ) – කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා අද (20)  සිට මාර්තු 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

වාණිජ මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කිසිදු නඩු කටයුත්තක් විවෘත අධිකරණයේ කැඳවීමට අවසර නැත.

සියලු  නඩු වෙනත් අධිකරණවල කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු වෙයි.

නමුත් ඇප ලබා ගැනීම සඳහා වන ඇප ඉල්ලුම් සාමාන්‍ය පරිදි කැඳවන අතර හදිසි හා අත්‍යාවශ්‍ය යැයි විනිසුරුවරයා විසින් තීරණය කරනු ලබන නඩු කැඳවීමේ හැකියාව ද පවතින බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනයට

Mohamed Dilsad

රේගුව විසින් රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර සතොස හරහා සහන මිලට

Mohamed Dilsad

අද දිනට කොරෝනා මරණ 5ක්

Mohamed Dilsad

Leave a Comment