දේශීයප්‍රමුඛ පුවත 1

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

(UTV | කොළඹ) – මුළු ලෝකයම කොරෝනා ‍වසංගතයට මුහුණ දී ඇති මොහොතක් බවත , ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නොමැතිි බවත්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (20) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් රජය කටයුතු කළ බව අගමැතිවරයා පවසයි.

මේ අතර, වුහාන්වල සිටි ශ්‍රී ලංකික සිසුන් මෙරටට ගෙන ඒමට හැකි වුයේ දැඩි අවධානය හේතුවෙන් බවත්  පැවසු අගමැතිවරයා, ලංකාවේ හෝ වෙනත් රටක සිටින ඕනෑම ලාංකිකයෙකුගේ ජීවිතය රැක ගැනීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

මොන තරම් බලපතළ වසංගතයක් හෝ දුෂ්කර කාර්යක් වුවත් රජය ක්‍රියාකරනු ලබන්නේ ජනතාවගේ දුෂ්කරතා අවම වන ආකාරයෙන් බවත් අගමැතිවරයා අවධාරණය කරයි.

අද වන විට ක්‍රමානුකූලව රට තුළට ‍ගුවන් යානා පැමිණීම සීමා කර ඇති බවත් එවැනි තීරණ ගනු ලැබුවේ ලෝක තත්ත්වය ලෙස අවධානයෙන් බවත් පැවසු අගමැතිවරයා, ඉදිරියට ද එලෙසම කටයුතු කරන බවත් පැවසීය.

මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවා ඇති බවත් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන කාලයේ දී හෝ මෙවැනි තත්ත්වයක් උදා නොවුන බවත් පැවසු අගමැතිවරයා, එසේ සිදු කරනු ලැබුවේ කිහිප දෙනෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසාවෙන් මෙම තීරණය ගැනීමට සිදුවු බවත් කියා සිටියේය.

එයින් දුෂ්කරතාවයක් ඇති වන්නේ නම් ඒ ගැන කණගාටු වන බවත්, දෛනික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට රජයට හැකියාව ඇතැයි ද ඒ මහතා සදහන් කරයි.

මේ අවස්ථාවේ කලබල විය යුතු නැති බවත්, රජය කිසිවක් ජනතාවට හංගන්නේ නැති බවත් , ලෝකයම ඉතා දුෂ්කරතාවයට පත්ව ඇති මොහොතේ කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින ලෙසත් පැවසු අගමැතිවරයා මෙම විපත්ති මොහොතේ ජාතියක් ලෙස එකට සිටිය යුතු බවත් කියා සිටියේය.

Related posts

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

රාජිත, රනිල් ට සහය දෙයි.

Editor O

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment