දේශීය

නිවාඩු සමයේ “ඉ- තක්සලාව”සමග සම්බන්ධවන ලෙසට පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) –  මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ www.e-thaksalawa.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් “ඉ- තක්සලාව” වැඩසටහන් සමග සම්බන්ධ විය හැකිය.

සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම 1- ශ්‍රේණියේ සිට 5 – ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස ප්‍රශ්නපත්‍ර හා ක්‍රියාකාරකම් මෙන්ම 6- ශ්‍රේණියේ සිට 13- ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස සහ ප්‍රශ්න පත්‍ර විෂයන් රැසකට අදාළව සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ මේ හරහා ඉදිරිපත් කර ඇත.

එමෙන්ම , පාසල් නිවාඩු කාලය තුළ නිවසට වී සිටින දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වන්නැයි සියලු ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

පාසල් නිවාඩු කාලය තුළ නිවෙස්ගත ව සිටින සිසු දරුදැරියන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණය ඇතිව විධිමත් ව මැදිහත් වන ලෙස අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සියලු ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

පෙර පාසල් යන දරුවාගේ සිට සරසවි අධ්‍යාපනය ලබන දරුවා දක්වා සියලු දරුවන් මේ දිනවල තම අධ්‍යයන කටයුතුවලින් බැහැරව නිවෙස්වලට වී සිටින බවත් ඔවුන්ගේ කාලය නිකරුණේ අපතේ යාම වැළැක්විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

ජනමාධ්‍ය ආයතන සතුව ද අධ්‍යාපනික අන්තර්ගතයක් සහිතව සකස් කළ වැඩසටහන් තිබේනම් එම වැඩසටහන් ද මෙම කාලවකවානුව තුළ විකාශනය ඉඩ ප්‍රස්තා ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය. එමෙන්ම රටේ පවතින වාතාවරණය හොඳින් අවබෝධ කරගනිමින් සිසුන් නිවසේ ගත කරන කාලය ඵලදායිව ගතකිරීමට දරුවන් යොමු කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සියලු දෙමව්පියන් වෙත අවධාරණය කරයි.

Related posts

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

Mohamed Dilsad

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

Mohamed Dilsad

ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට සංඝරත්නය සමග අත්වැල් බැදගන්න

Mohamed Dilsad

Leave a Comment