(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා වෛරස් මුළු ආසාදිත සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 5 ක් ලෙස වාර්තා වී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා සමස්ත ඉන්දියාවම ජනතා ඇඳිරිනීතියට ලක් කෙරු අතර සියලුම ඉන්දියානුවන්ට අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහැර නොයන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබේ.
මේ අතර, ඉන්දීය ගායිකා කනිකා කපූර්ට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇය සමඟ රාත්‍රී භෝජනයකට සහභාගි වූ රාජස්ථාන් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි වසුන්දරා රාජේට ද එම වෛරසය ආසාදනය වි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එරට වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එම ගායිකාවට එරෙහිව සාපරාධි නොසැලකිල්ල යන චෝදනාව යටතේ පොලීසිය පැමිණිල්ලක් ගොනුකර තිබෙන බවයි.
While in Lucknow, I attended a dinner with my son Dushyant & his in-laws. Kanika, who has unfortunately tested positive for #Covid19 was also a guest.
As a matter of abundant caution, my son & I have immediately self-quarantined and we’re taking all necessary precautions.
— Vasundhara Raje (@VasundharaBJP) March 20, 2020